Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2022 ආසියානු කායවර්ධන තරඟාවලියේදී යුද්ධ හමුදාවට ලෝකඩ පදක්කමක්

කිර්කිස්තානයේ බිෂ්කේක් ප්‍රදේශයේදී සැප්තැම්බර් මස 2 දින සිට 5 දින දක්වා පැවති 2022 ආසියානු කායවර්ධන තරඟාවලිය සඳහා කිලෝග්‍රෑම් 65 බර පන්තිය නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ ලාන්ස් කෝප්‍රල් ආර්.ඒ.පී.ඩී. රාජපක්‍ෂ ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත්වූහ.

මධ්‍යම ආසියානු කිර්කිස්තානයේ අගනුවර වන බිෂ්කේක්හිදී පැවති මෙම තරඟාවලිය සඳහා මධ්‍යම ආසියාතික රටවල් නියෝජනය කරන තරඟකරුවන් විශාල පිරිසක් සහභාගී වූහ.