Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd June 2022 18:20:26 Hours

යුද්ධ හමුදා සම්බන්ධීකරණය මත අවශ්‍යතා සහිත පවුල් සඳහා වියළි සලාක පාර්සල්

තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ පූජ්‍ය තලගල සුමනරතන හිමිපාණන්ගේ සහ කළුතර ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ අනුග්‍රාහකත්වය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ භටපිරිස් විසින් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් දියත් කරමින් පසුගිය සිකුරාදා (17) දින මොණරාගල මහජන පුස්තකාල පරිශ්‍රයේදී ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන අවශ්‍යතා සහිත පවුල් 200 ක් වෙනුවෙන් වියළි සලාක පාර්සල් බෙදාදෙන ලදී.

12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල, 121 වන බලසේනාවේ බලසේනාධිපති සහ තවත් රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු ගේ මූලිකත්වයෙන් විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් සඳහා ආර්ථිකමය වශයෙන් සහන සැලසීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

මෙම අවස්ථාව සඳහා අනුග්‍රාහක භවතුන්, ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරින්, සෙසුනිලයින් සහ රාජ්‍ය නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.