Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th January 2022 13:00:52 Hours

දිවිපිදු ඉන්දීය සාමසාධක හමුදාවේ විරෝදාර රණවිරුවන් ඉන්දීය ජනරජ දිනයේදී සිහිපත් කරයි

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සමඟ පැවැති සටනේදී ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාව සමඟ එක්වු ශ්‍රී ලංකාවේදී දිවිපිදු ඉන්දීය සාම සාධක හමුදාවේ (IPKF) විරෝදාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් 73 වන ඉන්දිය ජනරජ දිනයට සමගාමීව ඉකුත් බදාදා (26) දින යාපනය, පලාලි පිහිටි ඉන්දියානු සාමසාධක හමුදා ස්මාරකය අභියසදී පැවැත්විණි.

වර්ෂ 1991 ට පෙරාතුව, ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාව උදෙසා යොදවා සිටි ඉන්දිය සාමසාධක හමුදාවේ දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් පැවති මෙම රණවිරු අනුස්මරණ උත්සවයට සහභාගි වු යාපනයේ වැඩබලන ඉන්දීය කොන්සල් ජෙනරාල් කාර්යාලයේ කොන්සල් ජෙනරාල් රාම් මහේෂ් මහතා සහ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ඉන්දියානු සාමසාධක හමුදා ස්මාරකය අභියසදී පුෂ්පෝපහාර පුදකර දිවිපිදු ඉන්දීය සාමසාධක හමුදාවේ විරෝදාර රණවිරුවන් සිහිපත් කළහ.

ඔවුන්ගෙන් බහුතරයක් වර්ෂ 1987 සිට 1989 දක්වා කාලය තුළ එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව යාපනයේ පැවති ‘පවන් මෙහෙයුම’ අතරතුරදී සිය ජීවිත පූජා කළහ.

මෙම රණවිරු සැමරුම් උත්සවයට යාපනයේ පිහිටි ඉන්දීය කවුන්සිල් ජෙනරාල් කාර්යාලයේ නිලධාරින් සහ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි වුහ.