Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th October 2021 19:49:14 Hours

141 වන බලසේනාවේ මුලිකත්වයෙන් තවත් අඩු ආදායම්ලාභි පවුලකට නව නිවසක්

‘සෙවනක් වෙමු’ පදනම විසින් ලබාදුන් මූල්‍යමය අනුග්‍රාහකත්වය මත 6 වන කාලතුවක්කු රෙජිමේන්තුවේ සහයෝගය ඇතිව 1 වන ඉංජිනේරු සේවා බලකායට අයත් 12 වන ඉංජිනේරු සේවා බලඝණයේ භටපිරිස් විසින් අත්තනගල්ල ප්‍රදේශයේ පදිංචි ප්‍රදීපා නිරෝෂිනී මහත්මිය වෙනුවෙන් ඉදිකරන ලද නව නිවස පසුගිය බ්‍රහස්පතින්දා (21) දින නිවාසලාභියා වෙත භාරදෙන ලදී.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ලබාදුන් උපදෙස් මත 141 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රදීප් ගමගේ මුලිකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. 14 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ 141 බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් විසින් ඉතා කෙටි කාලයක් තුල මෙම ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කරන ලදී.

මෙම නිවස ඉදිකිරීම සඳහා අවශ්‍ය මුල්‍යමය දායකත්වය ‘සෙවනක් වෙමු’ පදනම විසින් ලබාදෙන ලදී. නව නිවස නිවාසලාභින් වෙත භාරදීමේ උත්සවයේ ආගමික වතාවත් පූජ්‍ය මැදඋයන්ගොඩ විමලකීර්ති හිමිපාණන් විසින් සිදුකළහ.

මෙම අවස්ථාවට 141 වන බලසේනාවේ බලසේනාධිපති, 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි, 12 වන ඉංජිනේරු සේවා බලඝණයේ නිලධාරි අණදෙන, ‘සෙවණක් වෙමු’ පදනමේ සාමාජිකයින් සහ නිවාසලාභියාගේ ඥාතීන්ගේ සහභාගි වූහ.