Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th October 2021 15:00:00 Hours

නව මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 37 වන අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ලංකා අමරපාල ඉකුත් බ්‍රහස්පතින්දා (21) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී පැවති උත්සවයකදී රාජකාරි ආරම්භ කළේය. එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

බ්‍රිගේඩියර් ලංකා අමරපාල සිය කාර්යාලයේදී ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛණයට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි ආරම්භ කළේය. එම අවස්ථාව සඳහා මනෝවිද්‍යා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූ අතර ඔවුන් නව අධ්‍යක්‍ෂ වෙත සුභ පැතුම් ද එක් කළේය.