Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th October 2021 13:33:50 Hours

කොළඹ යුද්ධ හමුදා රෝහල වෙත වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

E-Marketing Eye පුද්ගලික සමාගමේ විධායක නිලධාරි ඇතුළු කාර්ය මණ්ඩලය විසින් කොළඹ යුද්ධ හමුදා රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත දැඩිසත්කාර ඇඳන් 5 ක් සහ වායු මෙට්ට 10 ක් 2021 ඔක්තෝබර් මස 01 දින පරිත්‍යාග කරන ලදී.

කොළඹ යුද්ධ හමුදා රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය කර්නල් චම්පිකා අබේසිංහ සහ දැඩි සත්කාර ඒකකයේ බළලත් නිලධාරි 1 එස්. රාජකරුණා විසින් මෙම වෛද්‍ය උපකරණ තොගය භාරගත්හ.