Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th October 2021 13:35:50 Hours

මහව රෝහලේ වාට්ටු කොවිඩ් - 19 වෛරසය අසාදිතයින්ට ප්‍රතිකාර සිදුකිරීම සඳහා වැඩිදියුණු කරයි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි මහව ප්‍රාදේශිය රෝහලේ වාට්ටු දෙකක් කොවිඩ් - 19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 141 වන බලසේනාවේ සහ 14 වන සේනාංකය යටතේ ස්ථාපිත 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් වැඩිදියුණු කර 2021 ඔක්තෝබර් මස 05 දින රෝහල් බලධාරින් වෙත භාරදුන්හ.

එම ප්‍රදේශයේ කොවිඩ් - 19 වෛරසය ආසාදිත රෝගීන් දිනෙන් දින වැඩිවීමත් සමඟ මෙම වාට්ටු වැඩිදියුණු කිරීමේ කටයුතු 2021 සැප්තැම්බර් මස 05 දින ආරම්භ කරන ලදී.

මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 3.5 ක් වන අතර මෙම වාට්ටු වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 2 ක මුදලක් වැය විය. එබැවින් රුපියල් මිලියන 1.5 ක මුදලක් රටට ඉතිරි කරදීමට යුද්ධ හමුදා භටපිරිස් සමත් වූහ.

මෙලෙස වැඩිදියුණු කරන ලද කොවිඩ් -19 වාට්ටු රෝහල් බලධාරින් වෙත භාරදීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 143 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ටී.එන්.එෆ්. කිචිලාන් සහභාගී වූහ. තවද, එම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා මහත්මීය සහ 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි මේජර් කේ.ඒ.ඩී.ඒ.පී.වී. කුමාරසිංහ සහභාගී වූහ.