Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th October 2021 15:30:06 Hours

24 වන සේනාංකයෙන් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයේ භටපිරිස් ජනශක්ති රක්‍ෂණ සමාගමේ අනුග්‍රහකත්වය ඇතිව පසුගිය බ්‍රහස්පතින්දා (07) දින කල්මුනේ සහ අම්පාර රෝහල් වෙත රුපියල් මිලියන 4 ක පමණ වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදී.

කොවිඩ් -19 වෛරසය ආසාදිත රෝගින්ට එම රෝහල් තුළ වඩාත් කාර්යක්‍ෂම ප්‍රතිකාර සිදුකිරීම සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය ගේ උපදෙස් මත 24 වන සේනාංකයේ මුලිකත්වයෙන් සිදුකරනු ලබන ප්‍රජා ව්‍යාපෘතිවල තවත් එක් අදියරක් ලෙස මෙම වෛද්‍ය උපකරණ පරිත්‍යාග කෙරිණි.

මෙම අවස්ථාවට 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චමින්ද ලමාහේවා, 241 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් චන්ද්‍රා අබේකෝන්, 24 වන සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිතන් කර්නල් අනාස් අහමඩ් සහ 3 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ශාන්ත විජේකෝන් සහභාගී වූහ.