Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th October 2021 22:55:58 Hours

ශ්‍රී ලංකාවට අනුයුක්ත කරනු ලැබු නවදිල්ලියේ ස්ථාපිත ඊශ්‍රායෙල් තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ

ශ්‍රී ලංකාවට අනුයුක්ත කරනු ලැබු නවදිල්ලියේ ස්ථාපිත ඊශ්‍රායෙල් තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් අසාෆ් මහ්ලර් (Colonel Assaf Mahler) පසුගිය අඟහරුවාදා (05) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

මෙම සුහඳ හමුවේදී ඊශ්‍රායෙල් සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතාවයන් සිහිපත් කළ ඊශ්‍රායෙල් තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් අසාෆ් මහ්ලර් ජාතීන් දෙක අතර පවතින අන්‍යෝන්‍ය සුහදත්වය හා අවබෝධය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳවද කරුණු සාකච්ඡා කළේය. එමෙන්ම, එතුමන් තවදුරටත් කරුණු දක්වමින් කොවිඩ් - 19 වෛරසය මෙරටින් තුරන් කිරීම සඳහා යුද්ධ හමුදාවේ අඛණ්ඩ දායකත්වය පිළිබඳව අගය කළේය. තවද, දෙරටෙහි හමුදාවන් අතර පවතින සහයෝගීතාව සහ තාක්‍ෂණික දැනුම හුවමාරු කරගැනීමේ වැදගත්කම පිළිබඳව ද මෙම සුහද හමුවේදී සාකච්ඡා කෙරිණි.

ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත කර්නල් අසාෆ් මහ්ලර් (Colonel Assaf Mahler) වෙත ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය ස්තූතිය පුද කළේය. මෙම සුහද හමුවේ සමාප්තිය සමරු තිළිණ හුවමාරුවෙන් සනිටුහන් විය.