Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th September 2021 20:47:17 Hours

සන්නාහ සන්නද්ධ බලකා භටපිරිස් 12 වසරකට පසු වෙඩි තැබීමේ පුහුණුවකට එක්වෙයි

වසර 12 කටත් අධික කාලයකට පසුව සන්නාහ සන්නද්ධ රථ යොදාගෙන වෙඩි තැබීමේ පුහුණුවක් සැප්තැම්බර් මස 21 සහ 22 දෙදින පුරා කල්පිටිය ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්ෂේත්‍ර වෙඩි පිටියේදී පැවැත්විණි.

මේ සඳහා සන්නාහ සන්නද්ධ තරුණ නිලධාරි පාඨමාලාව, සන්නාහ සන්නද්ධ රථ අවි ක්‍රියාකරු පාඨමාලාව සහ මූලික අවි පාඨමාලව හැදෑරු සන්නාහ සන්නද්ධ බලකායේ නිලධාරින් 15 දෙනෙකු සහ සෙසුනිලයින් 130 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වුහ.

සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මෙන්ම බුත්තල නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට ලබාදුන් උපදෙස් මත සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති මෙන්ම සන්නාහ සන්නද්ධ බලකා පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් අනිල් පීරිස් ගේ අධීක්‍ෂණය යටතේ සන්නාහ සන්නද්ධ රථ, BMP MK 11 වර්ගයේ සන්නද්ධ රථ සහ රෝද 8 කින් සමන්විත BTR-80 වර්ගයේ භටපිරිස් ප්‍රවාහන කරන සන්නද්ධ රථ දෙකක් යොදාගනිමින් මෙම වෙඩි තැබීමේ පුහුණු සැසිය සිදුකෙරිණි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කළ ‘ඉදිරි උපාය මාර්ගික සැලැස්ම 2020 – 2025’ ට සමගාමීව මෙම ප්‍රායෝගික පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.