Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th September 2021 11:00:49 Hours

231 වන බලසේනාව යටතේ ස්ථාපිත 11 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීමට මුල්ගල තබයි

ආරක්‍ෂක ‍මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන හිසට සෙවනක් නොමැති පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස ඉදිකරදීමේ ප්‍රජා ව්‍යාපෘතින්ට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 231 වන බලසේනාවට අයත් 11 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් මඩකලපුව දිස්ත්‍රීක්කයේ බක්කිඇල්ල ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරීමට ඉකුත් බදාදා (1) වන දින මුල්ගල තබනු ලැබීය.

මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු සදහා මූල්‍ය අනුග්‍රහකත්වය මානව හැකියා ප්‍රවර්ධන පුහුණු උපදේශක චන්දන ගුණවර්ධන මහතාවිසින් සපයා ඇති අතර, ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස්වල තාක්‍ෂණික දැනුම සහ 11 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්වල ශ්‍රමදායකත්වය ඇතිව නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබයි.

මෙම අවස්ථාව සඳහා 231 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් දුලීප් බණ්ඩාර, 11 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, මානව හැකියා ප්‍රවර්ධන පුහුණු උපදේශක චන්දන ගුණවර්ධන මහතා ඇතුලු යුද්ධ හමුදා නිලධාරීන් පිරිසක් පවතින සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සහභාගී වූහ.