Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th September 2021 13:30:49 Hours

542 වන බලසේනාවේ භටපිරිස් පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහකත්වය ඇතිව අඩු ආදායම්ලාභි පවුල් වෙත වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් බෙදාදෙයි

54 වන සේනාංකය යටතේ ස්ථාපිත 542 වන බලසේනාවේ භටපිරිස් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීමේ අරමුණින් විජයගම, කොණ්ඩච්චි ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් 45 ක් සඳහා වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාග කළහ. මෙම වැඩසටහන ඇමරිකා එක්සත් ජනපදයේ ස්වෙෂිනි (Sweshini) සංවිධානයේ අනුග්‍රහකත්වය ඇතිව දියත්කරන ලදී.

මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාරගේ උපදෙස් පරිදි 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දර්ශන විජේසේකරගේ අධීක්‍ෂණය යටතේ 542 වන බලසේනාවේ සහ 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සංවිධානය කරන ලදී. රවි රාජපක්ෂ මහතාගේ සමීප සම්බන්ධීකරණයෙන් මෙම සහන වැඩසටහන සඳහා අවශ්‍ය මූල්‍යමය අනුග්‍රහකත්වය දක්වන ලදී. යුද්ධ හමුදා භටපිරිස් සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් වියළි ආහාර පාර්සල් නිවෙස් වෙත ගොස් බෙදාදුන්හ.

මෙම වැඩසටහන සඳහා 54 වන සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි කර්නල් ජගත් ප්‍රේමදාස සහ 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් සරත් කීර්තීරත්න ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරින් පිරිසක් සහභාගී වූහ.