Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd September 2021 12:30:30 Hours

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පරිත්‍යාග කල ඔක්සිජන් මාපක (Oximeters) ගම්පහ සහ කළුතර ප්‍රදේශවල ජනතාව අතර බෙදාදෙයි

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ කොව්ඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ඒකාබද්ධව මෙහෙයවනු ලබන කොවිඩ්-19 වෛරසය ආසාදනය වී නිවෙස් පදනම් කරගත් ඒකාබද්ධ රෝගී කළමනාකරණ ක්‍රමවේදය ඔස්සේ ප්‍රතිකාර ලබන රෝගීන් අතර බෙදාදීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් පසුගියදා පරිත්‍යාග කරන ලද ඔක්සිජන් මාපක (oximeters) අතරින් 50 ක් ඉකුත් සිකුරාදා (03) දින ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල ජනතාව අතර බෙදාදුන්හ.

14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥාණරත්න එම ප්‍රදේශවල සෞඛ්‍ය බලධාරින් සමඟ සාකච්ඡා කර මෙම ඔක්සිජන් මාපක (oximeters) බෙදාදීමේ කටයුතු සිදුකරන ලදී.

කොවිඩ්-19 වෛරසය ආසාදිත පුද්ගලයින්ට නිවෙස්ගතව ප්‍රතිකාර සිදුකිරීම සඳහා වෛද්‍ය උපදෙස් ලබාගැනීමට දුරකථන අංක 1904 සහ 247 ඔස්සේ වෛද්‍ය උපදේශන ජාලයක් කොවිඩ්-19 පැතීරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සමඟ ඒකාබද්ධව ස්ථාපිත කළ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් කොවිඩ්-19 වෛරසය ආසාදිතව පීඩාවට පත්වන ජනාතාවගේ පරිහරණය සඳහා බෙදාදීමට ඔක්සිජන් මාපක (oximeters) 250 ක් මෙලෙස පරිත්‍යාග කරන ලදී.

කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ඉකුත් බ්‍රහස්පතින්දා (02) දින පැවති සාකච්ඡාව අවසානයේදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය‍ විසින් රුපියල් මිලියනයක පමණ වටිනාකමකින් යුත් ඔක්සිජන් මාපක 250 ක් සංකේතාත්මකව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉදිරියේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත මේ අයුරින් බෙදාදීම සඳහා භාර දුන්නේය.