Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd September 2021 13:20:30 Hours

මඩු ප්‍රදේශයේ පීඩාවට පත් ජනතාව අතර වියලි සලාක පාර්සල් බෙදාදෙයි

කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා සංචරණ සීමා පැනවීම හේතුවෙන් දෛනික ආදායම් මාර්ග අහිමි වී පීඩාවට පත් මඩු සහ තච්චනමරුතමඩු ප්‍රදේශයේ පවුල් වෙත වියලි සලාක පාර්සල් 50 ක් එක්සත් රාජධානියේ ‘ස්වේෂිනි’(‘Sweshini’) සංවිධානයේ අනුග්‍රහය ඇතිව ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 653 වන බලසේනා මුලස්ථානයේ සම්බන්ධිකරණයෙන් පසුගියදා බෙදාදෙන ලදී.

ඒ අනුව, පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් රවී රාජපක්‍ෂ මහතාගේ සම්බන්ධීකරණයෙන් යුතුව දියත් කරනු ලැබු මෙම ප්‍රජා සත්කාරක වැඩසටහනේදී 653 වන බලසේනාව යටතේ ස්ථාපිත 24 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් තෝරාගත් පවුල් අතර මෙලෙස වියලි සලාක පාර්සල් බෙදාදුන්හ.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ලබාදුන් උපදෙස් මත ක්‍රියාවට නැංවූ මෙම වැඩසටහනේදී පීඩාවට පත් පවුල් අතර වියලි සලාක පාර්සල් බෙදාදීම සඳහා 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරි ද එක්ව සිටියහ.

තවද, මෙම වැඩසටහන සඳහා 653 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුදන්ත ෆොන්සේකා, 24 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ඉන්දික සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ 653 වන බලසේනා මුලස්ථානයේ නිලධාරින් කිහිපදෙනෙකු සම්බන්ධ වූහ.