Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd August 2021 15:28:11 Hours

පවතින නිරෝධායන ඇදිරි නීතිය නිරීක්ෂණයට යුද්ධ හමුදාවේ සහය

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත නිරෝධායන ඇදිරි නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක කිරීම සහ නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ පොලිස් නිලධාරීන් ඉකුත් සෙනසුරාදා (21) දින අලුයම සිට දිවයින පුරා රාජකාරීන් සඳහා යොදවා ඇත.

ඒ අනුව දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මූලස්ථානවල ආඥාපතිවරුන්, සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ යුද්ධ හමුදා භටපිරිස් මාර්ග බාධක රාජකාරි, පා මුර සංචාර, ක්ෂණික විහිදුම් බලකාය (QRT) රාජකාරීන් සඳහා යොදවා ඇත.

මේ අතර, දිවයින පුරා ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂ ජංගම එන්නත්කරණ වැඩසටහන් සහ අනෙකුත් එන්නත්කරණ මධ්‍යස්ථානද ක්‍රියාත්මක වේ.