Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st August 2021 14:00:36 Hours

මංකඩ මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ ප්‍රතිසංස්කරණය කටයූතු අවසන් අධියරයේ

අතිගරු ජනාධිපතිතුමන්ගේ නිර්දේශය මත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි දිවයින පුරා ක්‍රියාත්මක ජාතිය ගොඩනැගීමේ ව්‍යාපෘතියේ තවත් එක් ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් මොණරාගල දිස්ත්‍රීක්කයේ හම්බෙගමුව කොටවෙහෙර, මංකඩ මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණය කිරීම සහ එහි ජල පද්ධතියේ ප්‍රතිසංස්කරණ කටයුතුවල අවසන් අධියරයේ නිරතව සිටියි.

යාන්ත්‍රික ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුරුද්ධ සෙනෙවිරත්නගේ අධීක්ෂණය යටතේ 2021 පෙබරවාරි 09 දින ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය 6 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස්වල ශ්‍රමදායකත්වයෙන් සිදුකරනු ලබයි. මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 4ක් පමණ වියදමි වන අතර එම මුදල් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සම්පාදනය කර ඇත.

2021 ජනවාරි මස 30 දින අතිගරු ජනාධිපතිතුමන්ගේ 8 වන “ගම සමග පිළිසඳරක්” වැඩසටහනේදී අතිගරු ජනාධිපති ලබාදුන් උපදෙස් මත එම මොණරාගල දිස්ත්‍රික්කයේ ක්‍රීඩා පිටි 06 ක අළුත්වැඩියා කටයුතු සිදුකිරීමට නියමිතව ඇති අතර එම ක්‍රීඩාංගන අතරින් ක්‍රීඩාංගන 5ක අළුත්වැඩියා කටයුතු දැනටමත් අවසන් කර ඇත.

මෙම ව්‍යාපෘතීන්වල ඉදිකිරීම් කටයුතු ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් නිහාල් අමරසේකරගේ මඟපෙන්වීම යටතේ ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන විජේසුන්දරගේ අධික්ෂණ යටතේ ඉංජිනේරු භටපිරිස් විසින් සිදුකරන ලදී.