Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st August 2021 12:00:36 Hours

යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් යාපනය අර්ධද්වීපයේ ජංගම එන්නත්කරණය ආරම්භ කෙරේ

යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක කරනු ලබන කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහනට තවදුරටත් ශක්තියක් ලබාදෙමින් යාපනය අර්ධද්වීපයේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්, අසනීප, ආබාධිත සහ අනෙකුත් රෝගාබාධවලට ලක්ව ඇති පුද්ගලයින්ට එන්නත් ලබාදිමේ ජංගම එන්නත්කරණ වැඩසටහනක් යාපනය අර්ධද්වීපයේ පිහිටි 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ භටපිරිස් විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින ආරම්භ කරන ලදී.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් උපදෙස් මත ජංගම එන්නත්කරණ ක්‍රියාවලිය පසුගියදා ආරම්භ කරන ලදී. ඒ අනුව, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මෙන්ම යාපනය දිස්ත්‍රික්කයේ කොවිඩ් -19 පැතිරීම වැළැක්විමේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කුගේ අධීක්‍ෂණය යටතේ යාපනය ආර්ධද්වීපයේ ජංගම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාවට නැංවිණි.

මෙම වැඩසටහනේ සමාරමිභය සනිටුහන් කරමින් ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින යාපනය ශීක්‍ෂණ රෝහල ඉදිරිපිටදී සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති චාම් උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු සහභාගි විය. ඉදිරි දින කිහිහිපය තුලදී මෙම වැඩසටහන යාපනය ආර්ධද්වීපය පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.

මෙම වැඩසටහනේ උත්සවයේදී සියලුදෙනා ඇමතූ යාපනය ශීක්‍ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය එස්. ශ්‍රීබවානන්දරාජා කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තියේ උච්චතම අවස්ථාවේදී යාපනය අර්ධද්වීපයේ ජනතාව වෙනුවෙන් ආරක්‍ෂක හමුදාවන් සිදුකරනු ලබන කැපකිරීම ප්‍රශංසාවට ලක් කළේය.

මෙම අවස්ථාවට 51 වන සේනාංකයේ සේනාංකාධිපති, 511, 513 හා 515 වන බලසේනාවල බලසේනාධිපතිවරු, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රාජ්‍ය නිලධාරින් සහ යාපනය ශීක්‍ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්යමණ්ඩලය සහභාගි වූහ.