Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th July 2021 12:15:44 Hours

542 වන බලසේනාවේ භටපිරිස් විහාරස්ථානයක් ප්‍රතිසංස්කරණය කරයි

විල්පත්තු විජයතිලක විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මහවිලච්චියේ විමල හිමියන්ගේ ඉල්ලීමකට අනුව, 542 වන බලසේනාවේ භටපිරිස් එම විහාරස්ථානයේ විහාර මන්දිරය, ආවාසගෙය, ධර්ම ශාලාව, ඝන්ඨාර කුළුණ සහ දාන ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදුන්හ.

542 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ඩබ්ලිව්.එස් පෙරේරා ඇතුළු පවුලේ සාමාජිකයින් විසින් විහාරස්ථානයේ ඉදිකිරිම් සඳහා අනුග්‍රහකත්වය ලබාදුන් අතර විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු සඳහා 2020 දෙසැම්බර් 6 වන දින මුල්ගල තැබීය.

ඒ අනුව, ඉදිකරනු ලැබු විහාර මන්දිරය, ඝන්ඨාර කුළුණ ඇතුළු විහාරස්ථානයේ අනෙකුත් ඉදිකිරීම් කටයුතු 542 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ඩබ්ලිව්.එස් පෙරේරාගේ ආරාධනයට අනුව එම අවස්ථාවට ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස සපැමිණි 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.ඒ.අයි.ජේ බණ්ඩාරගේ සුරතින් විවෘත කරන ලදී.

මෙම උත්සවයට සමගාමීව 542 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අනුග්‍රහකත්වය ඇතිව එම ප්‍රදේශයේ ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් අතර වියළි සලාක පාර්සල් 40 ක් සහ ආහාර පාර්සල් ද බෙදාදෙන ලදී.

මෙම උතුම් පිංකම සඳහා 542 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ඩබ්ලිව්.එස් පෙරේරා ඇතුළු පවුලේ සාමාජිකයින් සහ මිතුරන් සහභාගී වූ අතර තවද එම අවස්ථාවට 542 වන බලසේනාවේ නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් ද සහභාගි වූහ.