Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th July 2021 13:30:38 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සිය බලප්‍රදේශයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ලෙස පසුගියදා රාජකාරි භාරගත් මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ඉකුත් ඉරිදා (25) දින සිය බලප්‍රදේශයේ පිහිටි 52 සේනාංක මුලස්ථානයේ සංචාරයක නිරතවිය.

52 වන සේනාංක මුලස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර පීරිස් විසින් පිළිගත්තේය. පසුව, එම සංචාරය සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා ආඥාපති කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළේය.

පසුව, 52 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් එම සේනාංකයේ කාර්යභාරය සහ වගකීම් පිළිබඳ ආරක්‍ෂක සේනා ආඥාපති දැනුවත් කළේය. ඉන් අනතුරුව, ආරක්‍ෂක සේනා ආඥාපති 52 වන සේනාංකය යටතේ සේවයේ නියුතු අණදෙන නිලධාරීන් සහ භටපිරිස් අමතනු ලැබීය.

එමෙන්ම, ආරක්‍ෂක සේනා ආඥාපති 52 වන සේනාංකය යටතේ ස්ථාපිත ආධුනික පුහුණු පාසලේ සහ 7 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ සංචාරයක නිරත විය.

මෙම අවස්ථාවට 52 වන සේනාංකය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ භටපිරිස් සහභාගි වුහ.