Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th July 2021 21:00:38 Hours

231 වන බලසේනාවේ භටපිරිස් ස්වෙච්ඡා සංවිධානයක සහයෝගයෙන් වියළි සලාක බෙදාදෙති

231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චිගේ උපදෙස් මත 11 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පසුගිය ඉරිදා (25) දින මඩකලපුව දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි පවුල් 1246 ක් අතර වියළි සලාක පාර්සල් බෙදාදීම සඳහා සිය පූර්ණ දායකත්වය ලබාදුන්හ.  

හමීඩ් හජ්ජියාර් ස්වෙච්ඡා සංවිධානය වෙතින් සංවිධානය කරනු ලැබූ මෙම පරිත්‍යාග වැඩසටහන යටතේ එක් පාර්සලයක් රුපියල් 1500 ක වටිනාකමකින් යුත් වියළි සලාක පාර්සල් මෙලෙස බෙදාදීමට පරිත්‍යාගශීලීන් කටයුතු කරන ලදී. පරිත්‍යාගශිලින්ගේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා භටපිරිස් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පාර්සල් කර එම පාර්සල් බෙදාදීම සඳහා දුෂ්කර ප්‍රදේශවලට රැගෙන යාමට කටයුතු කළහ.

මෙම වැඩසටහන මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ දානපතියෙකු වන අභාවප්‍රාප්ත හමීඩ් හජ්ජියාර් මහතාගේ උපන්දිනය සිහිපත් කරමින් සංවිධානය කරන ලදී.

ආරියම්පති ප්‍රදේශයේ පිහිටි ෆෙයිල්වන් පල්ලියේ සාමාජිකයින්ගේ සහයෝගය ඇතිව එම පල්ලියේදී පවත්වනු ලැබූ මෙම වැඩසටහන සඳහා 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චි, ප්‍රදේශයේ ප්‍රජා නායකයින් සහ 11 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි සහභාගී වූහ. මෙම අවස්ථාව සඳහා ප්‍රදේශයේ තවත් ආරාධිත රාජ්‍ය නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.