Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th July 2021 18:08:27 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි සිය බලප්‍රදේශයේ භටපිරිස් හමුවෙයි

ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ජූලි මස 05 වන දින 573 වන බලසේනා මුලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපිත බළඇණිවල සංචාරයක නිරත වූයේය.

573 වන බලසේනා මුලස්ථාන වෙත සපැමිණි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් මනෝජ් මදුරප්පෙරුම විසින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ආඥාපති වෙත පිරිනැමීය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ ආඥාපති භටපිරිස් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්තේය. පසුව, 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සංචාරය කළේය. මෙම සංචාරය අතරතුරදී, බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරීන් විසින් බලසේනා සහ ඒකකවල කාර්ය භාර්ය සහ වගකීම් පිළිබඳ ආඥාපති දැනුවත් කළේය.

මෙහිදී භටපිරිස් අමතමින්, කොවිඩ්-19 වෛරසය පැතිරීම පාලනය කිරීමේ ජාතික වගකීම භාරගැනීම පිළිබඳව සියලු නිලධාරීන් සහ සෙසුනිලයින් අගය කළ මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් භටපිරිස් රාජකාරි ඉටුකිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවති මෙම සංචාරය සඳහා 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන, ආරක්‍ෂක සේනා මුලස්ථානය - කිලිනොච්චි, 57 වන සේනාංකය යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අණදෙන නිලධාරීන් සහභාගි වූහ.