Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th July 2021 18:04:17 Hours

යුද්ධ හමුදා භටපිරිස් තවත් ගංජා හේනක් වටලයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 18 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතිසන්දා (08) දින මොණරාගල කැබිලිත්ත ප්‍රදේශයේ වගාකර තිබු ගංජා හේනක් වටලා විනාශ කරන ලදී.

අක්කරයක පමණ භූමි ප්‍රමාණයක වගා කර තිබු මෙම ගංජා හේන රුපියල් මිලියන 10 ක පමණ වටිනාකමකින් යුක්තය. යුද්ධ හමුදා භටපිරිස් ගංජා හේන සහ එහි විකිණිම සඳහා සකසමින් තිබු ගංජා කිලෝග්‍රෑම් 200 ක් විනාශ කරන ලදී. මීට දින කිහිපයකට පෙර යුද්ධ හමුදා භටපිරිස් තණමල්විල සහ හම්බේගමුව ප්‍රදේශවල වගාකර තිබු තවත් ගංජා හේන් කිහිපයක් විනාශ කළහ.

12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රසන්න රණවක විසින් ලබාදුන් උපදෙස් මත 121 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උදය සේරසිංහ නීතිවිරෝධි ලෙස වගාකරතිබු ගංජා හේන විනාශ කරන ලෙස යුද්ධ හමුදා භටපිරිස් වෙත උපදෙස් දුන්නේය.