Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th July 2021 07:24:10 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් විකුම් ලියනගේ රාජකාරි අරඹයි

දියතලාවේ පිහිටි ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම නව ආඥාපති ලෙස මේජර් ජෙනරල් විකුම් ලියනගේ ඉකුත් සිකුරාදා (08) දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව එම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ පැවැති උත්සවයකදී රාජකාරි ආරම්භ කළේය.

ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව ආඥාපති එම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් විසින් ප්‍රධාන දොරටුව අභියසදී පිළිගැනීමෙන් අනතුරුව 10 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයද නව ආඥාපති වෙත පිරිනැමුහ.

ප්‍රථමයෙන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ නව ආඥාපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ සෙත්පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධුරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.

ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු නිලධාරීන් ඇමතූ නව ආඥාපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ පසුව පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයකටද එක්විය. මෙම අවස්ථාවට 11 වන සහ 12 වන සේනාංකවල සේනාංකාධිපතිවරු, බලසේනාධිපතිවරු, අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගි වූහ.

මේජර් ජෙනරල් විකුම් ලියනගේ මීට ප්‍රථම ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ලෙස රාජකාරි ඉටුකළේය.