Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

උච්චිල්කඩ්ඩි ගම්වාසීන්ට යුද්ධ හමුදාවෙන් ජානීය ජලය සපයයි

පනවා ඇති සංචරණ සීමාවන් හේතුවෙන් පානීය ජලය ලබාගැනීමේ දුෂ්කරතාවයෙන් පෙළෙන උච්චිල්කඩ්ඩි ගම්වාසීන්ට ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් 623 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 11 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් පානීය ජලය සැපයූහ. මෙම වැඩසටහන 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.පී. උපාලි ගුණසේකර ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරන ලදී.

මේ අතර, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රමවේදයන් පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් 62 වන සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් රජයේ සෞඛ්‍ය බලධාරින් සමඟ එක්ව කොවිඩ් - 19 වෛරසය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වූහ.

මෙම සමස්ත වැඩසටහන 623 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජී. ප්‍රභාත් කොඩිතුවක්කු ගේ අධීක්‍ෂණය යටතේ සිදුකළේය.