Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

එන්නත්කරණ වැඩසටහන් සඳහා යාපනය භටපිරිස් සහයවෙති

යාපනය අර්ධද්වීපයේ වෙසෙන මහජනතාව වෙනුවෙන් ප්‍රථම වරට ලබාදෙන ‘Sinopharm’ එන්නත් තොගය භාරදීම පසුගිය ඉරිදා (30) දින යාපනය හෙද පුහුණු පාසලේදී සිදුකෙරිණි. එම අවස්ථාව සඳහා ගරු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මැතිතුමන්, සෞඛ්‍ය සේවා ප්‍රාදේශීය අධ්‍යක්‍ෂ, දිස්ත්‍රික් ලේකම්, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ යාපනය දිස්ත්‍රික්කයේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරි මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා හා තවත් නියෝජිතයින් සහභාගී වූහ.

ඉන් අනතුරුව, එම ස්ථානයේදී සහ යාපනය ප්‍රදේශයේ තවත් ස්ථාන 36 කදී එන්නත්කරණ වැඩසටහන් ආරම්භ කරන ලදී. මෙහිදී, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ කටයුතුවල නිරත සෞඛ්‍ය සේවකයින් සහ සිවිල් වැසියන් සඳහා පළමු එන්නත ලබාදෙනු ලබයි.

මෙම එන්නත්කරණ වැඩසටහන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් විසින් මෙහෙයවනු ලබති.