Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th June 2021 17:42:01 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ නව පිවිසුම් දොරටුව සඳහා මුල්ගල් තැබේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද පිවිසුම් දොරටුවේ නව ආරුක්කුවේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සම්පත් කෝටුවේගොඩ විසින් පසුගිය බදාදා (02) දින මුල්ගල් තැබුවේය.

එහිදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක විසින් සුබ මොහොතින් පළමු පස් පිඩැල්ල කපා එහි ඉදිකිරීම් කටයුතුවල සමාරම්භය සනිටුහන් කළේය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ක්‍රිස්ටි ජයසිංහ, ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් රෝහිත අළුවිහාරේ සමඟින් තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගී වූහ.

මෙම අවස්ථාව සඳහා එම මූලස්ථානයේ සේවයේ නියුතු සාමාජිකයින් කිහිපදෙනෙකු සහභාගී වූහ. කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව මෙම උත්සවය පවත්වන ලදී.