Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th June 2021 22:57:16 Hours

ආපදා සහන කටයුතුවල නිරත යුද්ධ හමුදා භටපිරිස් පස්කඳුවලට යට වූ දෙදෙනෙකුගේ ජීවිත බේරාගනී

රත්නපුර, දුම්බර, ඉහළපොළ ප්‍රදේශයේ සිකුරාදා (04) දින ඇති වූ නායයෑමක් හේතුවෙන් කඩා වැටුණු පස් කන්දකට යට වී සිටි 50 හැවිරිදි කාන්තාවක් මුදවාගෙන කිරිඇල්ල රෝහලට රැගෙන යාමට ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 611 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 8 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් කටයුතු කළහ.

ඉන් අනතුරුව, යුද්ධ හමුදා භටපිරිස් ප්‍රදේශයේ සිදුකළ මුදවාගැනීමේ සහ සෝදිසි මෙහෙයුම් දියත් කළ අතර, එහිදී ජීවිතක්‍ෂයට පත් 17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් සොයාගත්හ. එසේම, පස් කන්දකට යට වී සිටි 60 හැවිරිදි පුද්ගලයෙකු ඉන් මුදවාගැනීමට ද කටයුතු කළහ.

ගම්වාසීන් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව භටපිරිස් තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටිති.