Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st June 2021 14:49:25 Hours

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ භටපිරිස් අවශ්‍යතා සහිත ගම්වාසින් වෙත වියළි සලාක බෙදාදෙති

වෙසක් මංගල්‍යය නිමිත්තෙන් මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ පාඨමාලා හදාරන භටපිරිස් ඇතුලු යුද්ධ හමුදා භටපිරිස් විසින් මොබිටෙල් ලංකා පුද්ගලික සමාගම හා ලංකා බිස්කට් සමාගමේ (මංචි) මූල්‍ය දායකත්වය සහිතව වෙසක්පුර පසලොස්වක පොහොය දිනයේදී (26) එම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 75 ක් වෙත වියළි සලාක පාර්සල් පරිත්‍යාග කළහ.

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් අනිල් සමරසිරි ගේ සම්බන්ධීකරණයට අනුව එම පුහුණු පාසලේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මෙම ව්‍යාපෘතිය සංවිධානය කළහ. එහිදී, මාදුරුඔය පුහුණු පාසල අවට ඇති ගම්මාන වන අරුණපුර, පුබුදුගම, කන්දේගම, සිළුමිණි සෑය සහ ධම්මින්න යන ගම්මාන වෙත ගොස් අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙත රුපියල් 4000/= ක වටිනාකමකින් යුත් වියළි සලාක පාර්සල් පිරිනැමූහ.