Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st May 2021 13:56:50 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් අකුරැස්ස රෝහලේ නව කොවිඩ් - 19 වාට්ටුවක් ස්ථාපිත කරයි

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 613 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 3 වන ගැමුණු හේවා බලකාය සහ ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් අකුරැස්ස රෝහල් පරිශ්‍රයේ කොවිඩ් - 19 ආසාදිතයින් 75 දෙනෙකුට පහසුකම් සැලසිය හැකි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කරනු ලැබූ අතර පසුගිය සෙනසුරාදා (29) දින එම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය රෝහල් බලධාරින් වෙත භාරදෙනු ලැබූහ.

සෞඛ්‍ය බලධාරින්ගේ සහායෝගය ඇතිව සතියකටත් අඩු කාලයක් තුලදී මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපිත කරන ලදී.