Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th May 2021 12:30:31 Hours

යුද්ධ හමුදා භටපිරිස් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ PCR පරීක්ෂණාගාරය වැඩි දියුණු කරයි

කොවිඩ්-19 වෛරසය බහුලව පැතිරයාම හේතුවෙන් වැඩිවන ආසාදිතයින් හදුනාගැනීම සඳහා හම්බන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල‍යේ (MOH), PCR පරීක්ෂණාගාරය යුද්ධ හමුදා භටපිරිස් විසින් වැඩිදියුණු කරන ලදී.

122 වන බලසේනාවේ භටපිරිස් රසායනාගාර කාර්මිකයන් සමඟ සාකච්ඡා කර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල‍ය PCR පරීක්ෂණාගාරයක් බවට පත් කළේය. මෙම ව්‍යාපෘතිය 122 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජානක පල්ලේකුඹුර ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සිදුකරන ලදී. PCR පරීක්ෂණ විද්‍යාගාරය ඉකුත් බ්‍රහස්පතින්දා (20) දින සෞඛ්‍ය බලධාරීන් වෙත නිල වශයෙන් භාර දෙන ලදී.