Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th May 2021 12:10:31 Hours

නැගෙනහිර භටපිරිස් විහාරස්ථානයක් ප්‍රතිසංස්කරණය කරයි

දිඹුලාගල, බණ්දනගල ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගරු දේවාගල හේමන්තාලන්කාර හිමියන්ගේ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා අඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ඇති 2 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් විසින් විහාරස්ථානයේ දාගැබ සහ ඒ වටා ඇති ප්‍රාකාරයේ තීන්ත ආලේප කර ධර්මශාලාව සහ බෝධින් වහන්සේ අවට පිරිසිදු කර විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කළහ.

විහාරස්ථානයේ නායක හිමියන් විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ උතුම් කටයුත්ත සඳහා දායකත්වය දැක්වු ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ 2 වන සංඥා බලකායේ භටපිරිස් ප්‍රසංසාවට ලක් කළේය.