Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th May 2021 11:00:31 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේවැඩසටහන් ක්‍රියාත්මක කරයි

මුලතිව් ප්‍රදේශයේ කොවිඩ්-19 වෛරසය පැතිරයාම වැළැක්වීම සදහා ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් උපාලි රාජපක්‍ෂ ගේ උපදෙස් මත යුදධ හමුදා භටපිරිස් විසින් ඉකුත් ඉදිරි (23) දින මුලතිව් දිස්ත්‍රික්කයේ පොදු ස්ථාන ආවරණය වන පරිදි විෂබීජහරණය කිරිමේ වැඩසටහන් කිහිපයක් දියත් කරන ලදී.

68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වූ 682 වන බලසේනාව යටතේ ස්ථාපත 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් මුලතිව් නගර මධ්‍යයේ පිහිටි බස් නැවතුම්පොලවල්, සුභසාදක මධ්‍යස්ථාන, රාජ්‍ය සහ පෞද්ගලික බැංකු, වෙළදසැල්, මහජනතාව එක්රැස්වන පොදු ස්ථාන සහ ත්‍රිරෝද රථ ගාල් විෂබීජහරණය කළහ.

මේ අතර,ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් උපාලි රාජපක්‍ෂකොවිඩ්-19 රෝගින්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙනාවිල් කඳවුරේ සහ මන්චෝලේ, ප්‍රාදේශීය රෝහලේ ඉදිකරමින් පවතින නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සදහා එහි සංචාරයක නිරත වූහ.

මෙම අවස්ථාව සඳහා 68 වන සේනාංකයේ සේනාංකාධිපති සමග එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් පිරිසක් ද එක් වූහ.