Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th May 2021 20:52:35 Hours

යුද්ධ හමුදා මූලස්ථාන ගොඩනැගිල්ලේ ප්‍රදර්ශනය කිරීම සඳහා බෞද්ධ ධජයක්

එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නිලධාරියෙකු විසින් නිර්මාණය කරන ලද බෞද්ධ කොඩියක් අද දින උදෑසන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත යුද්ධ හමුදා මුලස්ථානයේදී භාරදෙන ලදී.

වෙසක් සමයේ යුද්ධ හමුදා මූලස්ථාන ප්‍රධාන ගොඩනැගිල්ල අලංකාරවත් කිරීමේ අපේක්‍ෂාවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සැරයන් කේ.කේ.එම්. පුෂ්පකුමාර අඩි 100X50 ක ප්‍රමණයෙන් යුතු මෙම විශාල බෞද්ධ ධජය නිර්මාණය කර ඇත.

සැරයන් කේ.කේ.එම්. පුෂ්පකුමාර විසින් 2020 වර්ෂයේ වෙසක් සමයේ කොළඹ 5 පිහිටි කොළඹ දිස්ත්‍රික් මහලේකම් කාර්යාලයේ ප්‍රදර්ශනය කර කොළඹ දිස්ත්‍රික් ලේකම්ගේ පැසසුමට ලක්වූ බෞද්ධ ධජයට සමානවම මෙම ධජයද නිර්මාණය කර ඇත.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සැරයන් පුෂ්පකුමාරගේ නිර්මාණාත්මක කුසලතාවයක් අගය කරමින් අනාගත අපේක්‍ෂාවන් වෙනුවෙන් සුභපැතුම් ද පිරිනැමීය.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා මුලස්ථානයේ විධායක ජෙනරල් මේජර් ජෙනරල් සංජය වනසිංහ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් රංජන් ප්‍රේමලාල් සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ.