Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th May 2021 21:16:07 Hours

ස්වාධීන රූපවාහිනි නිලිකාවේ විකාශය වූ දොරමඩලාව වැඩසටහනට යුද්ධ හමුදාධිපතිතුමන් එක්වේ

ස්වාධින රූපවාහිනි නාලිකාවේ මැයි 17දින සන්ධ්‍යාවේ විකාශයවු ‘දොරමඩලාව’ විද්වත් සාකච්ඡාව සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාසහභාගි විය. එහිදී, මේ වනවිට රටතුළ පවතින වත්මන් තත්ත්වය, කොවිඩ්-19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා නිසි සෞඛ්‍යාරක්‍ෂක ක්‍රමවේදයන් අනුගමනය කිරීම සහ කොවිඩ්-19 වෛරසය ආසාදය වු රෝගීන්ගේ වැඩිවීම අවම කරගන්නේ කෙසේද යන්න පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.