Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ලාන්ස් කෝප්‍රල් අබේකොන් නව දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවයි

ජර්මනියේ සැවෝනා නුවර පසුගියදා පැවති ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවූ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් යුපුන් ප්‍රියදර්ශන අබේකෝන් මීටර් 100 ධාවන ඉසව්වෙන්තත්පර 10.15 ක කාලයක් වාර්තා කරමින්නව දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමට සමත්විය.

2015 දී දකුණු කොරියාවේ පැවති 7 වන ආරක්‍ෂක සේවා මලල ක්‍රීඩා තරඟාවලියේදීමීටර් 400 x 4 සහය දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් හිමිකරදුන් කණ්ඩායම නියෝජනය කරන්නට ජාතික මලල ක්‍රීඩා සංචිතයේ සහ යුද්ධ හමුදා මලල ක්‍රීඩා සංචිතයේ සාමාජිකයෙකු වන ලාන්ස් කෝප්‍රල් අබේකොන් සමත්විය.

මෙම ක්‍රීඩකයා සතු දක්‍ෂතා පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව, යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති සහ ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ගේ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් ක්‍රීඩා කටයුතු සඳහා ඔහුට අවශ්‍ය සහයෝගය ලබාදුන්නේය.