Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th May 2021 10:45:04 Hours

යාපනයේ භටපිරිස් තවත් කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගනී

පුලියන්තුරෙයි ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ඇසුරුම් 26 ක තැන්පත් කර වෙරළබඩ ප්‍රදේශයේ සඟවා තිබු කේරළ ගංජා කිලෝග්‍රෑම් 55.4 අත්අඩංගුවට ගැනීමට සමත්විය. මෙම මෙහෙයුම 16 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් 513 වන බලසේනා මුලස්ථානයේ රාජකාරී නියුතු බුද්ධි අංශ නිලධාරීන් සමඟ එක්ව සිදු කළහ.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වඩුකොඩෙයි පොලිස් ස්ථානය වෙත භාරදෙන ලදී.