Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th May 2021 18:41:48 Hours

512 වන බලසේනාවේ භටපිරිස් යාපනය නගරය විෂබීජහරණය කරති

ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 512 වන බලසේනාවේ, 17 වන ගැමුණු හේවා බළඇණියේ සහ 14 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කොවිඩ්-19 වෛරසය ජනතාව අතර සීඝ්‍රයෙන් ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් යාපනය නගරය විෂබීජහරණය කිරීමේ වැඩසටහනක් ඉකුත් බ්‍රහස්පතින්දා (12) දින දියත් කරන ලදී.

මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ලබාදුන් උපදෙස් මත 51 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 512 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාවට නැංවිණි.

මෙම විෂබීජහරණ වැඩසටහන යටතේ බස්නැවතුම්පොල, දුම්රිය ස්ථානය, පොදු වෙළඳපොල, බසාර් ප්‍රදේශය, කන්කසන්තූරේ පාර, යාපනය ශික්‍ෂණ රෝහල් පරිශ්‍රය, සාමාන්‍ය ජනාකීර්ණ ප්‍රදේශ, ක්‍රී‍ඩාපිටි සහ රජයේ ආයතනයුද්ධ හමුදා භටපිරිස් විසින් විෂබීජහරණය කර පිරිසිදු කරන ලදී.