Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th May 2021 19:30:48 Hours

ගතවු 24 පැය තුළ වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 2429 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වාර්තා කරයි

අද (13) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2429 දෙනෙකු හඳුනාගෙන ඇත. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 413 ක් ලෙසය. එම පුද්ගලයින් අතර පිලියන්දල ප්‍රදේශයෙන් ආසාදිතයින් 146 දෙනෙකු, නාරාහේන්පිට ප්‍රදේශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු, තලංගම ප්‍රදේශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු සහ ගල්කිස්ස ප්‍රදේශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු ලෙස වාර්තා වේ. සෙසු පුද්ගලයින් දිස්ත්‍රික්කයෙහි අනෙකුත් ප්‍රදේශවලින් වාර්තා වේ.

තවද, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 370 දෙනෙකු වාර්තා වේ. එම පුද්ගලයින් අතර පානදුර දකුණ ප්‍රදේශයෙන් ආසාදිතයින් 88 දෙනෙකු, හොරණ ප්‍රදේශයෙන් ආසාදිතයින් 74 දෙනෙකු, බදුරලිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 44 දෙනෙකු සහ මොරගහහේන ප්‍රදේශයෙන් ආසාදිතයින් 28 දෙනෙකු වාර්තා වේ. සෙසු පුද්ගලයින් දිස්ත්‍රික්කයෙහි අනෙකුත් ප්‍රදේශවලින් වාර්තා වේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 332 දෙනෙකු වාර්තා වන අතර එම පුද්ගලයින් අතරින් බියගම ප්‍රදේශයෙන් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වේ. ඒ ආසාදියින් 87 ක් ලෙසය. ඊට අමතරව, කටුනායක ප්‍රදේශයෙන් ආසාදිතයින් 39 දෙනෙකු සහ කැලණිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 30 දෙනෙකු වාර්තා වේ. අනෙක් ආසාදිතයින් දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවලින් වාර්තා වේ.

ඒ අනුව ගතවූ විසිහතර පැය තුළ දිවයිනේ වැඩිම ආසාදිතයින් පිරිසක් හමුවූ කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කයන් තුළින් ආසාදිතයින් 1115 දෙනෙකු වාර්තා වන අතර, ඉතිරි පුද්ගලයින් 1314 දෙනා අතර, මාතර දිස්ත්‍රික්කයෙන් 140 දෙනෙකු ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 136 දෙදෙනකු ද, බදුල්ල දිස්ත්‍රික්කයෙන් 132 දෙනෙකු ද, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 128 දෙනෙකු ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 123 දෙනෙකු ද, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 119 දෙනෙකු ද, මාතලේ දිස්ත්‍රික්කයෙන් 107 දෙනෙකු ද, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 78 දෙනෙකු ද, අම්පාර දිස්ත්‍රික්කයෙන් 71 දෙනෙකු ද, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලින් 41 දෙනෙකු බැගින් ද, යාපනය දිස්ත්‍රික්කයෙන් 34 දෙනෙකු ද, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 29 දෙනෙකු ද, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 24 දෙනෙකු ද, මොණරාගල දිස්ත්‍රික්කයෙන් 16 දෙනෙකු ද, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 15 දෙනෙකු ද, පොලොන්නරුව දිස්ත්‍රිකයෙන් 11 දෙනෙකු ද, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 9 දෙනෙකු ද, වවුනියාව සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක වලින් 8 දෙනෙකු බැගින් ද මුලතිව් දිස්ත්‍රික්කයෙන් එක් පුද්ගලයෙකු ද වාර්තා වේ.