Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th May 2021 12:00:00 Hours

ගතවු 24 පැය තුළ වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 2568 ක් හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වාර්තා කරයි

අද (12) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2568 දෙනෙකු හඳුනාගෙන ඇත. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 606 ක් ලෙසය. එම පුද්ගලයින් අතර කොළඹ ප්‍රදේශයෙන් ආසාදිතයින් 53 දෙනෙකු ද, මුල්ලේරියාව ප්‍රදේශයෙන් පුද්ගලයින් 40 දෙනෙකු ද, පිළියන්දල ප්‍රදේශයෙන් පුද්ගලයින් 36 දෙනෙකු සහ කොට්ටාව ප්‍රදේශයෙන් පුද්ගලයින් 30 දෙනෙකු ලෙස වාර්තා වේ. සෙසු පුද්ගලයින් දිස්ත්‍රික්කයෙහි අනෙකුත් ප්‍රදේශවලින් වාර්තා වේ.

තවද, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 417 දෙදෙනෙකු වාර්තා වේ. එම පුද්ගලයින් අතර පානදුර දකුණ ප්‍රදේශයෙන් ආසාදිතයින් 102 දෙනෙකු ද, මිල්ලනිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 58 දෙනෙකු ද, දොඩන්ගොඩ ප්‍රදේශයෙන් ආසාදිතයින් 36 දෙනෙකු සහ කළුතර දකුණ ප්‍රදේශයෙන් ආසාදිතයින් 35 දෙනෙකු ද වාර්තා වේ. දිස්ත්‍රික්කයෙහි සෙසු පුද්ගලයින් අනෙකුත් ප්‍රදේශවලින් වාර්තා වේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 300 දෙනෙකු වාර්තා වන අතර එම පුද්ගලයින් අතරින් කටුනායක ප්‍රදේශයෙන් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වේ. ඒ ආසාදියින් 62 ක් ලෙසය. ඊට අමතරව, මීගමුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 35 දෙනෙකු සහ ජා ඇල ප්‍රදේශයෙන් ආසාදිතයින් 31 දෙනෙකු වාර්තා වේ. අනෙක් ආසාදිතයින් දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවලින් වාර්තා වේ.

ඒ අනුව ගතවූ විසිහතර පැය තුළ දිවයිනේ වැඩිම ආසාදිතයින් පිරිසක් හමුවූ කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කයන් තුළින් ආසාදිතයින් 1323 දෙනෙකු වාර්තාවන අතර, ඉතිරි පුද්ගලයින් 1245 දෙනා අතර, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 196 දෙනෙකු ද, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 148 දෙදෙනකු ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 110 දෙනෙකු ද, මාතලේ දිස්ත්‍රික්කයෙන් 108 දෙනෙකු ද, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 90 දෙනෙකු ද, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක වලින් 64 දෙනෙකු ද, යාපනය දිස්ත්‍රික්කයෙන් 61 දෙනෙකු ද, පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් 57 දෙදෙනෙකු ද, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 41 දෙනෙකු ද, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 37 දෙනෙකු ද, මොණරාගල සහ මාතර දිස්ත්‍රික්ක වලින් 29 බැගින් ද, මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රිකක වලින් 27 බැගින් ද, කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් 25 දෙනෙකු ද, මුලතිව් දිස්ත්‍රික්කයෙන් 24 දෙනෙකු ද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 23 දෙනෙකු ද, කෑගල්ල දිස්ත්‍රිකයෙන් 06 දෙනෙකු සහ වවුනියාව දිස්ත්‍රික්කයෙන් 05 දෙනෙකු බැගින් වාර්තා වේ.