Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th May 2021 22:28:23 Hours

කන්තලේ ප්‍රදේශයේ වැඩිදියුණු කරන ලද අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ආසාදිතයින්ගේ ප්‍රයෝජනයට

කොවිඩ් - 19 වෛරසය මෙරට පැතිරයන ස්වභාවය අනුව ඉදිරියේදී ඇතිවිය හැකි හදිසි තත්ත්වයකදී භාවිතයට ගත හැකිවන පරිදි කන්තලේ යොවුන් සේනාංක පරිශ්‍රය අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පරිවර්ථනය කිරීමට ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් කටයුතු කළහ. ඒ ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය ගේ සහ 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සමන්ත සිල්වා ගේ අධීක්‍ෂණය යටතේය.

කොවිඩ් - 19 වෛරසයේ ඕනෑම හදිසි අවස්ථාවකදී ඒ සඳහා මුහුණදීමට සූදානම්ව සිටින ලෙසත් ඒ සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයක් ස්ථාපිත කරන ලෙසත් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් ආරක්‍ෂක සේනා මුලස්ථානය -නැගෙනහිර වෙත ලබාදුන් උපදෙස් ලබාදී ඇත.

මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ඇඳන් 150 කින් සමන්විත වන අතර එය ස්ථාපිත කිරීමට දිස්ත්‍රික් ලේකම් සහ ත්‍රිකුණාමලයප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂතුමන්ගේ සහයෝගය ද හිමිවූහ.