Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th May 2021 17:17:36 Hours

දියතලාව යුද්ධ හමුදා රෝහලේ නිලධාරි නිවස්නය සඳහා මුල්ගල් තබයි

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් රන්ජන් ලමාහේවගේ හට කරන ලද ආරාධනාවකට අනුව පසුගිය බදාදා (05) දින දියතලාව මූලික රෝහලේ ඉදිකිරීමට නියමිත නිලධාරි නිවස්නයට මුල්ගල තැබීම සඳහා එතුමන් සහභාගී වූයේය.

මෙම අවස්ථාවට සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති -මධ්‍යම යුද්ධ හමුදා මූලික රෝහලේ අණදෙන නිලධාරි විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසුව යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරය එතුමන් වෙත පිරිනැමූහ. ඉන් අනතුරුව,‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් රන්ජන් ලමාහේවගේනව නිලධාරි නිවස්නය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබුවේය.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් ද එක්වූහ.