Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th May 2021 17:41:45 Hours

ඕනෑම හදිසි අවස්ථාවකදී ආසාදිතයින්ගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් අවැසි පහසුකම් සැපයීමට නැගෙනහිර භටපිරිස් සූදානමින්

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ කටයුතු වෙනුවෙන් නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය සිය උපරිම දායකත්වය සපයමින් පසුගිය සඳුදා (03) දින පූනානි ප්‍රදේශයේ පිහිටි පුලතිසිපුර බ්‍රැන්ඩික්ස් ආයතන පරිශ්‍රය හා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය ආසාදිතයින් හුදකලා කර තැබීමට සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස සැකසීමත්, හිඟුරක්ගොඩ රෝහල කොවිඩ් - 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පරිවර්ථනය කිරීමටත් කටයුතු කළහ.

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් හා නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චන්න වීරසූරිය ගේ මඟපෙන්වීම මත මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ අතර සෞඛ්‍ය සේවය ඉහළ නංවමින් ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණදීමේ හැකියාව ඇති කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස සියලුම ආරක්‍ෂක සේනා මූලස්ථාන වෙත දැනුම් දුන්නේය.

දින කිහිපයකට පෙර නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චන්න වීරසූරිය එම මධ්‍යස්ථාන සතු පහසුකම් පිළිබඳ සොයාබැලීම සඳහා නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූයේය.