Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th May 2021 18:19:10 Hours

කොවිඩ් - 19 වෛරසයට එරෙහිව වැළැක්වීමේ පිළිවෙත් පිළිබඳව බලසේනාව මහජනතාව දැනුවත් කරයි

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග පිළිබඳ පොදු ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (1) දින 641 වන බලසේනා මූලස්ථානයේදී පැවැත්විණි.  

641 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජනක ජයවර්ධන ගේ උපදෙස් හා 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් චරිත් ඇතුල්දොරආරච්චි ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් මෙම වැඩසටහන පවත්වනු ලැබූහ. මෙම වැඩසටහන සඳහා මන්දකන්ඩාල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් ද සිය සහයෝගය ලබාදුන්හ.

වෛරසය පැතිරීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග සහ මිනිසුන්ගේ ශරීරයට කොවිඩ් - 19 වෛරසයෙන් සිදුවන බලපෑම පිළිබඳ වැඩි අවධානයක් යොමුකරමින් මෙම වැඩසටහන පැවැත්විය. මෙහිදී, මූලික වශයෙන් මුහුණු ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සහ අත් සේදීම වැනි වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව දැනුවත් කරන ලදී. මෙම වැඩසටහන සඳහා සහභාගී වූවන් අතරින් වැඩි පිරිසක් කොවිඩ් - 19 ට එරෙහි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳ නොදැනුවත්ව සිටි අතර ඒ පිළිබඳ දැනුවත් වීමට ඔවුන් බොහෝ සෙයින් උනන්දු වූහ.