Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th May 2021 14:05:37 Hours

‘දෙමළ මහා සෑයේ’ අළුත්වැඩියා කටයුතු සඳහා නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙස භටපිරිස්වල සහය

පොලොන්නරුව ගල් විහාරය සහ තිවන්ක පිළිමගෙය අතර පිහිටා ඇති ‘දෙමළ මහා සෑය’ ක්‍රිස්තු පූර්ව 12 වන සියවසයේදී මහා පරාක්‍රමබාහු රජතුමන් විසින් ඉදිකරනු ලැබූ ස්ථූපයක් වේ. එම ස්ථූපය මැයි මස 01 දින ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) භටපිරිස්වල සහයෝගය ඇතිව ප්‍රතිසංස්කරණය කටයුතු ආරම්භ කළහ.

මෙම ව්‍යාපෘතිය නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චන්න වීරසූරිය සහ නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති බ්‍රිගේඩියර් මහේෂ් අබේරත්න ගේ උපදෙස් මත එම ඉදිරි නඩත්තු පෙදෙසේ මාණ්ඩලික නිලධාරි 1 (පාලන) ලුතිතන් කර්නල් නන්දතිලක ගේ අධීක්‍ෂණය යටතේ සිදුකෙරිණි.