Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th May 2021 13:51:23 Hours

‘යුද්ධ හමුදා මූලධර්ම ග්‍රන්ථය’ පිළිබඳ නිලධාරින් දැනුවත් කිරීමේ වැඩමුළුවක්

යුද්ධ හමුදා පුහුණු අණසක ආඥාපති මේජර් ජෙනරල් සේන වඩුගේ ගේ උපදෙස් මත යුද්ධ හමුදා පුහුණු අණසක මූලස්ථානය විසින් සම්පාදනය කරනු ලැබූ ‘යුද්ධ හමුදා මූලධර්ම ග්‍රන්ථය’ පිළිබද දැනුවත් කිරීමේ දේශන මාලාවක් සියලුම ආරක්‍ෂක සේනා මූලස්ථාන සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන ආවරණය වන පරිදි නිලධාරින් වෙනුවෙන් පසුගිය අප්‍රේල් මාසය තුළ පැවැත්විණි.

යුද්ධ හමුදා මූලධර්ම පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීමේ අරමුණින් සංවිධානය කළ මෙම වැඩමුළුවේ දේශන යුද්ධ හමුදා පුහුණු අණසක කර්නල් උපක්‍රමික හා මූලධර්ම ලුතිතන් කර්නල් ඩී.එල්.යූ. ද තාබෘෘ විසින් මෙහෙයවන ලදී. මෙම දේශන මාලාව සඳහා කිලිනොච්චි, මුලතිව්, යාපනය, බටහිර, නැගෙනහිර සහ මධ්‍යම යන ආරක්‍ෂක සේනා මූලස්ථාන, බුත්තල නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය, ත්‍රිකුණාමලය යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන පුහුණු පාසල, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකාය, සන්නද්ධ බුද්ධි බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය, ශ්‍රී ලංකා පාබල හමුදාව, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය සහ විජයබාහු පාබල රෙජිමේන්තුව යන රෙජිමේන්තු නියෝජනය කරමින් පසුගිය සති කිහිපය තුළ නිලධාරීන් රැසක් සහභාගි වූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මේජර් ජෙනරල්, බ්‍රිගේඩියර් සහ කර්නල් යන නිලයන් නියෝජනය කරමින් නිලධාරින් 1119 දෙනෙකු මෙම දේශන සඳහා මේ වන විට සහභාගි වී ඇත. ‘යුද්ධ හමුදා මූලධර්ම ග්‍රන්ථය’ පිළිබඳව අනෙකුත් රෙජිමේන්තුවල නිලධාරින් දැනුවත් කිරීම සඳහා රෙජිමේන්තු දින වැඩසටහන් තුළින් ඉදිරියට ද මෙලෙස දේශන මාලාවන් පැවැත්වීමට යුද්ධ හමුදාව විසින් සම්බන්ධීකරණ කටයුතු සිදු කෙරෙමින් පවතී.