Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd May 2021 16:20:29 Hours

තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකළා කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (02) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1716 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 17 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 1699 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 375 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 247 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 158 දෙනෙකු වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 919 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (02) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 90,637 ක් වේ. අනෙකුත් පොකුරු වල ආසාදිතයින් සංඛ්‍යාව 5,821 ක් වේ. ඉන් පුද්ගලයින් 94,516 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. එමෙන්ම, අළුත් අවුරුදු සමයෙන් පසු වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 13,406 ක් වේ.

අද (02) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 109,861 ක් වන අතර ඉන් පුද්ගලයින් 96,478 පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (02) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 12,696 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබති.

අද (02) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 503 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (02) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් ඇත. ඔවුන් රුවන්වැල්ල, කඳාන, අවිස්සාවේල්ල, දේවාලේගම, මාවනැල්ල, යක්විල, වලපනේ, කුලියාපිටිය සහ රත්නපුර යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (02) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 687 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (02) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 113 ක් තුළ පුද්ගලයින් 11,212 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිති.

අද (02) දින උදෑසන වනවිට, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය පොලිස් බලප්‍රදේශය, තිත්තවැල්ගම, කුඹුක්ගැටේ ග්‍රාම සේවා වසම, නිරාවිය, නිකදලුපොත සහ උඩුබදලාව යන ග්‍රාම සේවා වසම් හුදකලා කර ඇත. එමෙන්ම, කළුතර දිස්ත්‍රික්කයේ අධිකාරිගොඩ, මිරිස්වත්ත, පැළවත්ත උතුර සහ පැළවත්ත නැගෙනහිර, බොල්ලුන්න, ඉඟුරුදළුව, මීදලාන, මොරපිටිය, පැලීද, හැදිගල්ල, මොරපිටිය උතුර, වැල්ලාවිට දකුණ, මාකලන්දාව, බෝතලාව, කටුකැලේ වැල්මීගොඩ සහ පහළ හේවැස්ස යන ග්‍රාම සේවා වසම්, ගම්පහ දිස්ත්‍රික්කයේ පොල්හේන, හීරලුගෙදර, කලුඅග්ගල සහ අස්වැන්නවත්ත නැගෙනහිර යන ග්‍රාම සේවා වසම්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුම්පුහාර්, සුමේධන්කරපුර (උප්පුවේලි), මඩ්කෝව්, කෝවිලාඩි, ලින්ගනගර්, කාවට්ටිකුඩා සහ චීනවරාය යන ග්‍රාම සේවා වසම්, ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඹුල්ගොඩ, කටුදම්පේ, ගොඩහේන සහ තල්ගස්ගොඩ ග්‍රාම සේවා වසම්, පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සිරිකෙත සහ සරුබිම ග්‍රාම සේවා වසම්, මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, මාතලේ සහ නාවුල පොලිස් බලප්‍රදේශ සහ පල්ලේකුඹුර, අලුගොල්ල ග්‍රාම සේවා වසම් හා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය, අම්පාර දිස්ත්‍රික්කයේ කුමනගම, දෙහිඅත්තකන්ඩිය සහ කදිරපුර ග්‍රාම නිලධාරි වසම්, මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, වෙහෙරයාය, කොට්ටම්ගම්බොක්ක, රහතන්ගම, ගල්අමුණ සහ හැලමුල්ල යන ග්‍රාම සේවා වසම්, කොළඹ දිස්ත්‍රික්කයේ නම්පනුව සහ ගොරකපිටිය ග්‍රාම සේවා වසම් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ හපුගොඩ ග්‍රාම සේවා වසම හුදකලා කර ඇත.