Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th April 2021 18:46:33 Hours

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකළා කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (30) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1531 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 40 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 1491 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 533 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ආසාදිතයින් 145 බැගින් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 107 දෙනෙකු වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 561 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (30) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 101,179 ක් වේ. ඉන් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේ 3,059 ක් සම්පූර්ණ ආසාදිතයින් මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත. එසේම, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල පොකුරෙන් වාර්තා වූ ආසාදිතයින් 90,986 ක් ද සම්පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් හමුවූ ආසාදිතයන් සියලුදෙනා මේවන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

අද (30) දින උදෑසන වනවිට, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපලේ පොකුරේ සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 98,120 ක් වන අතර ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 106,483 ක් වේ. ඉන් පුද්ගලයින් 95,445 පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (30) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 10,371 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබති.

අද (30) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 362 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (30) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් ඇත. ඔවුන් බොරලැස්ගමුව, මහනුවර, කළුතර උතුර, වත්තල, වැලිමඩ සහ නාවලපිටිය යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (30) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 667 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (30) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 114 ක් තුළ පුද්ගලයින් 10,829 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිති.

අද (30) දින උදෑසන වනවිට, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය පොලිස් බලප්‍රදේශය, තිත්තවැල්ගම, කුඹුක්ගැටේ ග්‍රාම සේවා වසම, නිරාවිය සහ නිකදලුපොත යන ග්‍රාම සේවා වසම් හුදකලා කර ඇත. එමෙන්ම, කළුතර දිස්ත්‍රික්කයේ අධිකාරිගොඩ, මිරිස්වත්ත, පැළවත්ත උතුර සහ පැළවත්ත නැගෙනහිර යන ග්‍රාම සේවා වසම්, ගම්පහ දිස්ත්‍රික්කයේ පොල්හේන, හීරලුගෙදර, කලුඅග්ගල, අස්වැන්නවත්ත නැගෙනහිර යන ග්‍රාම සේවා වසම්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුම්පුහාර්, සුමේධන්ගපුර (උප්පුවේලි), මඩකොව්, කෝවිලාඩි, ලින්ගනගර්, කාවට්ටිකුඩා සහ චීනවරාය යන ග්‍රාම සේවා වසම්, ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඹුල්ගොඩ සහ කටුදම්පේ ග්‍රාම සේවා වසම්, පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සිරිකෙත ග්‍රාම සේවා වසම සහ මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේකුඹුර ග්‍රාම සේවා වසම හා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සහ අලුගොල්ල ග්‍රාම සේවා වසම සහ මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, වෙහෙරයාය, කොට්ටම්ගම්බොක්ක සහ රහතන්ගම යන ග්‍රාම සේවා වසම්, හුදකලා කර ඇත.