Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th April 2021 16:17:06 Hours

වවුනියාව දිස්ත්‍රික්කයේ කොවිඩ් - 19 වර්ධනය මැඩපැවැත්වීමට සාකච්ඡාවක්

වවුනියාව දිස්ත්‍රික්කයේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ සමස්ථ සම්බන්ධීකරණ නිලධාරි වන වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ගේ ප්‍රධානත්වයෙන් සම්බන්ධීකරණ සාකච්ඡාවක් පසුගිය සෙනසුරාදා (24) දින වවුනියාව දිස්ත්‍රික් මහලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවැත්විණි.

කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග සහ සිදුවන වර්ධනයන් පිළිබඳ මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමුකරන ලදී. සෞඛ්‍ය සේවා ප්‍රාදේශීය අධ්‍යක්‍ෂ වෛද්‍ය මහේන්ද්‍රන් මහතා වත්මන් තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකළ අතර ප්‍රජාව අතර රෝගය වේගයෙන් පැතිරීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමේ වැදගත්කම අවධාරණය කළේය. සාකච්ඡාවට සහභාගී වූ සියලුම පාර්ශවකරුවන් සිය අදහස් ඉදිරිපත් කළහ.

මෙම සාකච්ඡාව සඳහා වවුනියාව දිස්ත්‍රික් ලේකම් එස්.එම්. සමන් බන්දුලසේන මහතා, වවුනියාව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි, සෞඛ්‍ය සේවා ප්‍රාදේශීය අධ්‍යක්‍ෂ සහ රජයේ අනෙකුත් නිලධාරීන් සහභාගී වූහ.