Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th April 2021 14:27:11 Hours

යුද්ධ හමුදා භටපිරිස් පවුල් 300 කට වියළි සලාක පාර්සල් පිරිනමයි

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ යෝජනාවකට අනුව 51 වන සේනාංකයේ භටපිරිස් ‘බක්’ පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් අවශ්‍යතා සහිත පවුල් 300 ක් වෙත රුපියල් 1400 / = කට අධික වටිනාකමකින් යුත් වියළි සලාක පාර්සල් පරිත්‍යාග කළහ. එම වැඩසටහනට සමගාමීව උරුම්පිරායි දකුණු ප්‍රදේශයේ සෙල්වාපුරම් ගම්මානයේ වෙසෙන අවශ්‍යතා සහිත පවුල් වෙත දිවා ආහාර පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් ද පසුගිය සඳුදා (26) දින සිදුකෙරිණි.

දැඩි ලෙස දරිද්‍රතාවයෙන් පෙළෙන එම ගම්මානයේ වෙසෙන පවුල් පිළිබඳ 51 වන සේනාංකයේ සේනාංකාධිපති දැනුවත් වීමෙන් අනතුරුව එතුමන්ගේ මඟපෙන්වීම යටතේ එම සේනාංකයේ භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. දකුණේ සහ උතුරේ දානපතියන්ගේ අනුග්‍රාහකත්වය ඇතිව එම ප්‍රදේශයේ සිවිල් වැසියන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් අතර පවතින සංහිඳියාව තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් අඩු ආදායම්ලාභී පවුල් අතර මෙම පරිත්‍යාග වැඩසටහන සිදුකළහ.

මෙම ප්‍රජා මූලික ව්‍යාපෘතියේදී ප්‍රදේශයේ වෙසෙන වැසියන් 1500 කට වැඩි පිරිසකට එම පරිත්‍යාග ලබාදුන් අතර මෙම පරිත්‍යාග වැඩසටහන දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව දියත් කරන ලදී.