Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th April 2021 16:21:53 Hours

සිවිල් වැසියන්ගේ සහයෝගය ඇතිව යුද්ධ හමුදා භටපිරිස් මාර්ග දෙපස පිරිසිදු කරති

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ භටපිරිස් ඩෙංගු රෝගය ව්‍යාප්තවීම වැළැක්වීම, විවිධ ආසාත්මිකතා හා ආසාදන වලින් ජනතාව මුදවාගැනීම සහ මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් පසුගිය සඳුදා (26) දින තිරුනල්වේලි සිට නාවට්කුලි ප්‍රදේශය දක්වා මාර්ග දෙපස පිරිසිදු කිරිමේ ‘ශ්‍රමදාන’ වැඩසටහනක් සිදුකරන ලදී.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් සහ 51 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා භටයින් 100 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ප්‍රධාන මාර්ගය දෙපස සහ අතුරු මාර්ග දෙපස සුද්ද පවිත්‍ර කරන ලදී. මේ සඳහා ගම්වාසීන් විසින් බැකෝ යන්ත්‍ර සපයමින් පවිත්‍ර කටයුතු සඳහා භටපිරිස් වෙත සිය සහයෝගය දැක්වූහ.

භටපිරිස් විසින් සංවිධානය කළ මෙම ව්‍යාපෘතිය යාපනය දිස්ත්‍රික් ලේකම් ගේ ඇගයීමට ලක් වූ අතර ගම්වාසින් විසින් භටපිරිස් වෙත සංග්‍රහයක් ද ලබාදුන්හ.